― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදැරියකට වරින් වර හදි කළ සීයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

දැරියකට වරින් වර හදි කළ සීයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

මව් පිය රැකවරණ අහිමි අවුරුදු 14 ක් වයසැති දැරියක් වරින් වර අපයෝජනය කළ ඇගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙක් මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දැරිය අපයෝජනය කළ තවත් කිහිපදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම දැරිය හොරණ, මොරගහහේන ප්‍රදේශයේ සිය මිත්තණියගේ භාරයේ සිට ඇති අතර ඇය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 80 ක් වයසැති එම දැරියගේ සීයා සහ තවත් තිදෙනෙක් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සෙසු දෙදෙනා එම දැරියගේ නැන්දාගේ සහ ලොකු අම්මාගේ දරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

එම දැරියගේ බාප්පා බව පැවසෙන පුද්ගලයෙක් සහ පාසල් සිසුවෙක් ඇතුළු තවත් දෙදෙනෙකුද අත්ඩඅංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසීය.