ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් නල්ලූර් කන්දස්වාමි කෝවිල වැඳ පුදාගෙන තිබේ..
මේ අවස්ථාව සඳහා ඉන්දීය තානාපති ගෝපාල් බාග්ලේ, ශ්‍රී ලංකා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මේ අතරවාරයේ එහි රැස්ව සිටි තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරිය ඡායාරූපයකටද එක් විය.
ඉන්දීය අමාත්‍යවරිය නොවැම්බර් 01 වැනිදා මෙරටට පැමිණියේ තෙදින නිල සංචාරයක් සඳහායි.