― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහය ලබාදෙන බව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් සහතික වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔහු මේ බව සහතික වී ඇත්තේ.

මේ වනවිට දකුණු කොරියාව මෙරටට ලබාදී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම සහ දේශගුණික විපර්යාස අවම කරගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම සම්බන්ධයෙන්ද එම ලිපියේ සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය වංශය පවසන්නේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයා එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ දෙරට අතර වෙළඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමට ගත් තීරණය පිළිබඳවද විශේෂ අවධානයකින් කටයුතු කරන බවයි.