― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldනේපාල භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

නේපාල භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

බටහිර නේපාලයේ සිදු වූ භූමිකම්පාවකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් සිදුවූ මෙම භූමිකම්පාවෙන් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ජජර්කොට් රෝහල තුවාලකරුවන්ගෙන් පිරී ඇති බවට ද මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

නේපාල බලධාරීන් සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටයි.

නේපාල අගනුවරට සහ දිල්ලි ඇතුළු අසල්වැසි ඉන්දියාවේ නගරවලට මෙම ප්‍රබල කම්පන දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 11.47ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර, භූමිකම්පාවෙන් පැයක් ඇතුළත තවත් කම්පන තුනක් දැනී ඇති බවයි වාර්තා වන්නේ.

තවත් භූ කම්පන සහ නිවාසවලට හානි සිදුවේ යැයි බියෙන් බොහෝ දෙනා රාත්‍රියේ ඉතිරි කාලය එළිමහනේ ගතකර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් අද (04) විපතට පත් ප්‍රදේශයට පැමිණි අතර, භූමිකම්පාවෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳව සිය කණගාටුව පළ කිරීමට ද ඔහු කටයුතු කර තිබෙනවා.

බටහිර නේපාලයේ ජජාර්කොට් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම භූමිකම්පාව නිසා ඇති වූ නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වීම හේතුවෙන් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

2015 වසරෙන් පසු එරටට බලපෑ ප්‍රබලතම භූකම්පනය මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.