― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportලෝක ශූර එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

ලෝක ශූර එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන්ම ඉවත් වීමට පසුගිය ලෝක කුසලානයේ ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට සිදු වුණා.

ඒ ඔවුන් ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය පරාජයට පත්වීමත් සමගයි.

මෙවර තරගාවලියේ එංගලන්ත කණ්ඩායම ලැබූ 6 වන පරාජය ලෙසටයි ඊයේ තරග පරාජය සැලකෙන්නේ.

ඊයේ අහමදාබාද්හි පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 33ක ජයක් හිමිවුණා. මේ අනුව එංගලන්ත කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සහභාගී වීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

අහමදාබාද්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස් කළා.

Cameron Green ලකුණු 47ක් සහ Steven Smith ලකුණු 44ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Chris Woakes කඩුලු 4ක් බිඳහෙලුවා. Mark Wood සහ Adil Rashid කඩුලු දෙක බැගින් ලබා ගත්තා.