31 C
Colombo
Monday, April 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇද හැලීම නිසා විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

අද උදෑසන සිට මේ තෙක් විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව මීට ප්‍රධානතම හේතුව බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් කැලණි ගඟෙහි ජල මට්ටමේ ද වැඩිවීමක් අපේක්ෂා කර තිබෙනවා.

එබැවින් ජලාශය අවට පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි වාරි ඉංජිනේරුවරුන් ඉල්ලා සිටින්නේ.