ලබන වසරේ සිට දිවයින පුරා සියලුම පාසල්වල ප්‍රාථමික පාසල් සිසුන්ට දහවල් ආහාරය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 4 සම්පූර්ණ වූ සියලුම දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු කළ යුතු බවයි.