― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා පියෙක් ගසක් උඩ විරෝධතාවක

ඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා පියෙක් ගසක් උඩ විරෝධතාවක

තම ඉඩම් ගැටලුවක් සඳහා බලධාරීන් නිසි විසඳුම් ලබා නොදුන් බව පවසමින් ගසක් මත නැගී පැය 24කට වැඩි කාලයක සිට උපවාසයක නිරත ව සිටින දෙදරු පියෙකු සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පුද්ගලයා ඊයේ දිනයේ මෙලෙස ගසට නැගී උපවාසය ආරම්භ කර ඇති අතර ඊයේ (06) රාත්‍රියේද වැසි මැද එම පුද්ගලයා ගස මත රැඳී සිට ඇති බවයි.

මේ වනවිටත් ඔහු තවදුරටත් ගස මත සිටිමින් ගෙලෙහි තොණ්ඩුවක් ද දමා ගෙන තවදුරටත් උපවාසයේ නිරත ව සිටින බව ද වාර්තා වනවා.

මේ වනවිට පැය 24කට වැඩි කාලයක් ගස මත නැගී අඛණ්ඩ උපවාසයේ නිරත ව සිටින ඔහු මෙලෙස උපවාසයේ නිරත වනුයේ සිය දෙමව්පියන් හා තමන් භුක්ති විඳි ඉඩමක් සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් සමග ඇති වී තිබෙන ආරවුලක් විසඳීමට බලධාරීන් කටයුතු නොකරන බව පවසමින්.

ඔහු පවසන ආරවුල සහිත ඉඩම කැකිරාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටත් මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයටත් අයත් නොවන එකක් බවටද තොරතුරු වාර්තා වනවා.

උපවාසකරු පවසා සිටින්නේ බලධාරීන් පැමිණ තම ගැටලුවට නිසි විසඳුම් ලබා දෙන තෙක් තමන් ගසෙන් බිමට නොබසින බවයි. උපවාසකරු ගස මත නැගී සිටින්නේ ගෙලට තොණ්ඩුවක්ද දමාගෙන ය.

මෙලෙස උපවාසයේ නිරත වනුයේ මරදන්කඩවල සෙට්ටිකුළම වෙසෙන 30 හැවිරිදි දෙදරු පියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මරදන්කඩවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.