― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅතුරු කමිටුව ඉවත් කරන්නැයි ජනපති දැනුම්දුන්නා

අතුරු කමිටුව ඉවත් කරන්නැයි ජනපති දැනුම්දුන්නා

තමන් විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕන. නමුත් ජනාධිපතිතුමා පස්සේ කාර්යාලයට කතා කරලා කිව්වේ කමිටුව පත්කරපු එක අයින් කරන්න. එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න කියලා. මම කිව්වා කිසිසේත්ම පත්කරපු කමිටුව ඉවත්කරන්නේ නෑ කියලා. මේ ගොල්ලෝ කරලා තියෙන දූෂණ පට්ට හොරු රැළක්. ගැඹුර පෙන්නේ නෑ. දැන් හෙට අනිද්දා ගහන්න යනවා ඨ් 10 කියලා. ඒකෙ මගඩිය තව එකක්. දැන් විගණකාධිපති වාර්තාව ඇවිල්ලා මාස දෙකක්. පොලිස්පතිතුමාට යවනවා තාම විමර්ශනයක් නෑ. නීතිපතිතුමාට දෙනවා නඩු පවරන්න. මට කියනවා තවත් කමිටුවක් දාන්නලු. අධිකරණයට ගියත් විගණනය සම්බන්ධ ගැටලුවකට. අධිකරණයත් අහන්නේ විගණකාධිපතිගෙන්. මිනීමැරුමක්ද කියලා බලන්න දෙන්නේ අධිකරණ වෛද්‍යවරයාට වගේ මේක දෙන්නේ විගණකාධිපතිට. විගණකාධිපති විසින් වැරදියි, දූෂිතයි, නීතිමය දඬුවම දෙන්න කියන පණිවුඩය දීලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. හැබැයි නීතිපති ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. මේ අරගලයක් එක්ක වගකීම භාරගත්තේ.”