― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනපතිගේ අපේක්ෂාව රාජ්‍ය හා පෞද්ගලික අංශයත් එක සේ ශක්තිමත් කිරීමයි

ජනපතිගේ අපේක්ෂාව රාජ්‍ය හා පෞද්ගලික අංශයත් එක සේ ශක්තිමත් කිරීමයි

රාජ්‍ය සේවකයා මෙන්ම පෞද්ගලික අංශ සේවකයාද එකසේ ශක්තිමත් කිරීම ජනපතිගේ අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පවසා ඇත්තේ.

ඒ අනුව ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවකයන් මෙන්ම ලක්ෂ 80ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දියත් කර ඇති මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ජනාධිපතිවරයා ගෙන යන මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා ඉදිරියේදී විදුලිය, ගෑස් සහ ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකළ හැකි බවත් ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බවත් පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම වැඩපිළිවෙල කඩාකප්පල් කරන කටයුතු සඳහා සහය නොදක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද අමතක නොකළේය.