― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsග්‍රාම නිලධාරි විභාගය දෙසැම්බරයේදී

ග්‍රාම නිලධාරි විභාගය දෙසැම්බරයේදී

ග්‍රාම නිලධාරි විභාග එළඹෙන දෙසැම්බර් මස මුල් සතියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදු කරනු ලැබුවා.

ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දිවයිනේ ඇති ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2763ක් පිරවීමට මහා භාණ්ඩාගාරයේ අවසරය හිමි ව ඇති බවයි.

ඊට අදාළ බඳවා ගැනීම් සඳහා සුදුසුකම් සැපිරූ අපේක්ෂකයින් හට එළඹෙන දෙසැම්බරයේ දී තරග විභාගය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ද සඳහන් කළා.