― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

මධ්‍යම කඳුකරයට තවදුරටත් තද වැසි ඇදහැලෙන බැවින් ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ම මාර්ගයට ආසන්නයේ පිහිටි තේ වතුවල පස් සේදී ප්‍රධාන මාර්ගයේ රැඳීම නිසා මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි.

එම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් ද අද උදෑසන ලිස්සා ගොස් අනතුරට පත් වීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන බවයි වාර්තා වන්නේ.

මේ අතර හෙට දහවල් 1න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම වැසි ඇතැම් විට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි වීමේ හැකියාවක් ද පවතින බවටයි වාර්තා වන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව යන පළාත්වලට මෙම ඉහළ වර්ෂාපතනයක අවදානම පවතිනවා.

මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කරනු ලැබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ එම නිවේදනය තවත් පැය 24ක් සඳහා වලංගු වන බවයි.