― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsළමා නිවාසයක පාලිකාව දැරියකට විෂබීජ නාශක දියර පොවලා

ළමා නිවාසයක පාලිකාව දැරියකට විෂබීජ නාශක දියර පොවලා

14 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම දැරියට නාරහේන්පිට ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන පාලිකාවගේ සහ සේවිකාවකගේ පීඩන, බැණවැදීම් සහ පහරදීම් ඉවසාගත නොහැකි ව එම දැරිය වැසිකිලි විෂබීජ නාශක දියර පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

විෂබීජ නාශක දියර පානය කළ දැරිය රෝහල්ගත කර තිබෙනවා. මෙම දැරිය ව රෝහල්ගත කර ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකටයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ නාරාහේන්පිට පොලිසිය වෙත ලැබුණු දූරකථන පණිවුඩයක් අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගිය නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිදු කළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ මෙම සිද්ධිය ඉකුත් 6 වැනි දින දහවල් සිදු ව ඇති බවයි. දැරියට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ මුළුතැන් ගෙයි සේවිකාව බැණ වදිමින් පහර දී ඇති අතර එහිදී දැරිය වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියරයක් පානය කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

එහිදී පාලිකාව සහ සේවිකාව දැරියට “බීපං.. තව බීපං.. තව බීපං මැරෙන්න ම බීපං” යැයි පවසමින් විෂබීජ නාශක දියර අඩංගු බෝතලය ඇය අසල ම තබා තව තවත් පහර දී ඇති බවයි හෙළි ව ඇත්තේ.

එයින් තවත් බියට පත් දැරිය නැවත නැවත ඒවා පානය කර ඇතැයි සිදුකළ විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. දැරියට මෙම තැනැත්තියන් දෙදෙනා ම නිරතුරුව පහර දෙන බවට ද පොලිස් විමර්ශනවල දී හෙළිව ඇති බව සඳහන්.

අදාළ සිදුවීමට මේ වනවිට දැරියගෙන්, ප්‍රධාන පාලිකාවගෙන්, මුළුතැන්ගෙයි සේවිකාවගෙන් ඇතුළු පස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

දැරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ අංක 46 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ.