― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාත්තන්කුඩියේ පෞද්ගලික බස් රථයකට ගිනි තියලා

කාත්තන්කුඩියේ පෞද්ගලික බස් රථයකට ගිනි තියලා

මඩකලපුව – කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්බති ප්‍රදේශයේ නවතා තිබූ පෞද්ගලික බස් රථයකට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.

මෙම ගිනි තැබීම හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. බස් රථය ගිනි ගැනීමට පෙර ආරයම්බති ප්‍රදේශයේ නවතා තබා තිබෙනවා.

එය මඩකලපුව – පොතුවිල් මාර්ගයේ ධාවනයට යොදවා ඇති බස් රථයක් බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රී 07ට බස් රථය ධාවන වාරය අවසන් කර, එහි හිමිකරු සිය ගම් පළාත වන කොක්කටිචෝලෛ වෙත ගොස් තිබෙනවා.

අද අලුයම 03ට පමණ මඩකලපුව පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ බස් රථයක් ගිනි ගන්නා බවටයි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සහ මඩකලපුව මහ නගර සභාව ගින්න නිවීමට කටයුතු කළා.

නමුත් ඒ වනවිටත් බස් රථය මුළුමනින්ම ගිනිගෙන දැවී අවසන් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ. කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය භාර නිලධාරි ඒ.එම්.එස්.ඒ. රහීම් සඳහන් කර ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම බස් රථයෙහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවටත් වාර්තා වනවා.