ශ්‍රී ලංකාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙලෙස කඩා වැටෙන්නේ මැදමුලන වලව්වේ පවුලේ ආර්ථිකය නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ කඩා වැටෙන්නේ මැදමුලන වලව්වේ පවුලේ ආර්ථිකය නොවන බවත් මේ කඩා වැටෙන්නේ අපේ දරුවන්ගේ ආර්ථිකය බවත්ය. මෙම ආර්ථික අර්බුදයේ දිග, පළල, ගැඹුර ආණ්ඩුව විසින් ජනතාව දැනුවත් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.


