― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙකු පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.ජේ. විජේසිරි මහතාද උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබු නැටි, බුලත් ඇතුළු වැවිළි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එස්.ඩී. පඬිකෝරාල මහතාද පත් කර තිබේ.

අංක 2269/19 දරන ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.