― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅද රටේ හොරකම නැති තැනක් හොයාගන්න නැහැ

අද රටේ හොරකම නැති තැනක් හොයාගන්න නැහැ

ක්‍රිකට් මෙන්ම අද රටේ හොරකම නැති තැනක් සොයා ගැනීම අපහසු බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ රටේ හොරකම වැළැක්වීමට ශක්තිමත් නීති ගෙන ආ යුතු බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. ඒකෙ දූෂණ මීට අවුරුදු විස්සකට එහාට දිව යනවා. දූෂණ වංචාව අද මේ රටේ තියෙන්නෙ ක්‍රීඩාවේ පමණක් නොවෙයි. අද රටේ හොරකම දුෂණය නැති තැනක් නැහැ.

මේ අය මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට. ක්‍රීඩාවලට. ක්‍රිකට්වලට බෝලයක් ගන්න බැරි පාසල් දරුවන් ඉන්නවා.මේ රටේ කුඩුකාරයෝ පාතාල කාරයෝ වංචාකාරයෝ බිහිවෙලා තියෙන්නෙ සෑම අංශයකම හොරකමත් එක්ක. ක්‍රිකට් විතරක් නොවෙයි. සෑම අංශයකම දූෂණය නැති කළ යුතුයි. දක්ෂ ක්‍රීඩකයන් ගොඩක් බිහිවන්නේ ගමෙන්. වංචා දූෂණ වැළැක්වීමට නව නීති රටට අවශ්‍යයි.”