― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල ගැන තීරණයක්

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල ගැන තීරණයක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් සකස් කිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

අලුත්වැඩි‍යාවෙන් පසු මේ වන විට මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන වසරකට ආසන්න කාලයක් පවතින බැවින් මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා.

විවිධ ප්‍රදේශවල මේ වන විට අතරමග නැවතී ඇති නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා. මන්ත්‍රීවරු රැසක් එක් එක් දිස්ත්‍රික්කවල පවතින මෙම අමාත්‍යාංශයට අදාළ ගැටලු ඉදිරිපත් කර තිබෙනවා.

මීට මාස තුනකට පෙර මන්ත්‍රීවරු මෙම කාරක සභාවට ඉදිරිපත් කළ ගැටලු තවමත් විසඳී නොතිබීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීන් මෙම ගැටලු සඳහා කාර්යක්ෂම ලෙස මැදහත් වී විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.