29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඕමානයේ රැකියා නීති වෙනස්වෙයි

ඕමානයේ රැකියා නීති වෙනස්වෙයි

සංචාරක වීසා මගින් තම රටට ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බවට පරිවර්තනය කර ගැනීම අත්හිටුවීමට ඕමාන රාජකීය පොලීසිය තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 31 වැනිදා සිට සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වන කිසිවෙකුට රැකියා වීසා ලබා නොදීමට‍යි එරට රාජකීය පොලීසිය තීරණය කර ඇත්තේ.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ බොහෝ දෙනෙකු පසුගිය කාලයේ රැකියා වීසා ඉල්ලුම් කර තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ ඉල්ලුම්කරු තම තානාපති කාර්යාලයට අයදුම්පත යොමු කළ විට ලැබෙන ‘විරෝධතාවයක් නොමැත’ යන ලිපිය ඉදිරිපත් කිරීමෙන් පසුව රැකියා වීසා ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔවුන්ට එරටින් පිට වී නැවත ඕමානයට ඇතුළු වී රැකියා කිරීමට අවස්ථාවද ලබා දී තිබෙනවා. නමුත් ලබන 31 වැනිදා සිට සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වන කිසිවෙකුට රැකියා වීසා ලබා ගැනීමට නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කර සිටිනවා.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු එරට රැකියා නොමැති ව විවිධ ගැටළුවලට මුහුණ දී ඇති බවට පසුගිය කාලයේ වාර්තා වුණා.

මෙම තත්ත්වය අනුව සංචාරක වීසා මගින් රැකියා සොයා ඕමානයට ඇතුළු වීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලා සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.