28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොස් මල්ලිගේ ගෝලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

කොස් මල්ලිගේ ගෝලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘කොස් මල්ලිගේ’ ගෝලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා යමින් සිටියදීයි කඩුවක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය අගෝස්තු 19 වැනිදා දෙහිවරල ඕබන් පෙදෙසේදී තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘ඇටයා සහ සැන්ඩෝ’ දෙදෙනා ඉලක්ක කර වෙඩිතැබීමක් සිදු කර තිබුණේද මෙම අපරාධ කල්ලිය විසින් බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 35ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් සිව්දෙනෙකි.

සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.