― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසිසුන්ට මත්කරල් අලෙවි කළ ඖෂධහල් හිමිකරු රිමාන්ඩ්

සිසුන්ට මත්කරල් අලෙවි කළ ඖෂධහල් හිමිකරු රිමාන්ඩ්

තහනම් මත් කරල් විකිණූ ඖෂධ අලෙවිසැල් වෙළෙන්ඳෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුණුවැව නගරයේදියි.

වෛද්‍යවරයෙකුගේ නියමයකින් තොරව පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාවට මෙම පුද්ගලයා විසින් මත්පෙති අලෙවි කරන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව උපාය දූතකයෙකු යොදවා මෙම මත් කරල් අලෙවි කරන ඖෂධසැල් හිමිකරුව අත් අඩංගුවට ගැනීමටයි ගලෙන්බිදුනුවැව පොලිස් බුද්ධි කොට්ඨාසය කටයුතු කර තිබෙන්නේ.

සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද කටයුතු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙම සැකකරු මත්පෙති අලෙවි කිරීම සම්බන්ධව ගලෙන්බිදුණුවැව පොලිසිය මගින් සහ අනුරාධපුර ඖෂධ පාලන අධිකාරිය මගින් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වූ බවත් මේ වන විට බලපත්‍රයක් නොමැතිව ඖෂධ ශාලාව පවත්වාගෙන යන බවටත් අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.