26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් දැරියකට හදි කළ රියදුරෙක් අත්අඩංගුවට

පාසල් දැරියකට හදි කළ රියදුරෙක් අත්අඩංගුවට

අවුරුදු 06 ක් වන දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසලට එම පුද්ගලයා කැටුව යන අතරතුරදියි සිදුවීමට මුහුණපා ඇත්තේ. දැරියට බරපතළ ලිංගික අපයෝජනය සිදු කර ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙක් බවටයි පොලිසිය පැවසුවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි විවාහකයෙක්. වින්දිත දැරිය, ඇයගේ 13 හැවිරිදි වැඩිමහල් සොහොයුරියට සිදුවීම පිළිබඳ ව දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිමහල් සොහොයුරිය විසිනුයි ඇයගේ මවට දැනුම්දී ඇත්තේ. ඉන්පසුවයි මව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

දැරිය රෝහල්ගත කර ඇති බවත් සැකකරු විමර්ශනවලින් පසු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසුවා.