26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුණුපොතෙන් හඳුනාගත් තරුණියට කොස්තාපල් හදි කරලා

මුහුණුපොතෙන් හඳුනාගත් තරුණියට කොස්තාපල් හදි කරලා

මුහුණු පොතෙන් තමන් හා හාද වූ තරුණියක් බලහත්කාරයෙන් දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම කොස්තාපල්වරයා මුහුණුපොත හරහා හඳුනා ගත් තරුණියක් රවටා හෝටල් කාමරයකට ගෙන ගොස් මෙලෙස බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවයි.

අදාළ නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසුව තරුණිය හමුවීමට අවශ්‍ය බවට ඇමතුමක් ලබා දී ඇති අතර කොස්තාපල්වරයා ඇයව බිය ගන්වා ඇති හෝටලයකට රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.