27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගඩාෆිගේ පුතා නිදහස් වෙයි

ගඩාෆිගේ පුතා නිදහස් වෙයි

සිරගත වී සිටි ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සාදි ගාඩාෆි නිදහස් කිරීමට ඊයේ එරට බලධාරිහු පියවර ගත්හ. අමෙරිකාව ඇතුළු බටහිර රටවල් වසර 2011දී ලිබියාවේ රජය පෙරළා දමා මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීමත් සමඟ නයිගර් පළාතට පැන ගිය සාදි ගාඩෆි පසුව 2014 දී යළි ලිබියාවට බාර දී තිබූ අතර, නිදහස ලබන තුරු ට්‍රිපෝලි නුවර බන්ධනාගාරගතව සිටියේය.

47 හැවිරිදි සාදි ගඩාෆි නිදහස් කළ විගස ගුවන් යානයකින් තුර්කියේ ඉස්තානාබුල් නුවරට පියාසර කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. වෘත්තියෙන් පාපන්දු ක්‍රීඩකයකු වූ සාදි සිය පියා ලිබියාවේ පාලකයා ලෙස කටයුතු කළ කාලයේ ඝාතන රැසක් සිදු කර ඇතැයි චෝදනා එල්ල වී තිබිණි.