අයිස් මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද පොලිස් නිල හැඳුනුම්පතක් සමඟ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල -තෙලියගොල්ල දේවස්ථානය අසළදීයි.
මෙම සැකකරු කුරුණෑගල, දොරටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 470ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.
මෙම සැකකරු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස 2020 සැප්තැම්බර් මස 09 වනදා පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර 2023 ඔක්තොම්බර් මස 10 වනදා සොරකම් කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවයි අනවරණය වී ඇත්තේ.
සැකකරු තමා සතුව තිබූ ව්‍යාජ පොලිස් නිල හැඳුනුම්පත භාවිත කරමින් මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කුරුණෑගල පොලිස් ස්ථානයට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.