27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති ඇවිත් ඉන්නේ පොහොට්ටුවේ මුදල් ඇමති විදිහට

ජනපති ඇවිත් ඉන්නේ පොහොට්ටුවේ මුදල් ඇමති විදිහට

අයවැය ඉදිරිපත් කිරීමට ජනපති ඇවිත් ඉන්නේ පොහොට්ටුවේ මුදල් ඇමතිවරයා ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

අද (13) පස්වරුවේ ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

බැලූ බැල්මට බොහෝ කාරණා එතුමා ගියවර අයවැය තුළිනුත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මකවෙලා නැති බවක් පේනවා. ඉතින් නැවත වතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. එකම කාරණය දෙපාරක් කියවෙනවා කියලා කියන්නේ එය ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද? නැද්ද? කියන ප්‍රශ්නය අපිට තිබෙනවා.

ඉතින් අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සීමාවෙන අයවැය ප්‍රකාශනයක් ද කියන කාරණය. ඉදිරි කාලසීමාව තුළ මේ ගැන අධ්‍යයනය කරලා අපි අපේ අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කරන්නම්. අපි බලමු ජනාධිපතිතුමා ඒවා පිළිගනීද කියලා.

එතුමා ඇවිත් ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විදියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ තිබෙන්න ඕනේ. සුරංගනා කතා වැඩක් නැහැ.. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.”