― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගාසා තීරයේ අල්-ෂිෆා රෝහල සුසාන භූමියක් වෙයි

ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල සුසාන භූමියක් වෙයි

ගාසා තීරයේ විශාලතම රෝහලවන අල්-ෂිෆා රෝහල සුසාන භූමියක් වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

රෝහල තුළ සහ පිටත මළ සිරුරු ගොඩගැසෙමින් ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. රෝහල අවට ඇති මළ සිරුරු රැකබලා ගැනීමට හෝ භූමදාන කිරීම සඳහා මෘත ශරීරාගාරයකට ගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර නරක් වූ මළ සිරුරු තැන්පත් කිරීමට රෝහලෙන් පිටවීමට ඊශ්‍රායල බලධාරීන් තවමත් අවසර ලබා නොදීම හේතුවෙන් සුනඛයින් රෝහල් භූමියට ඇතුළු වී මළ සිරුරු අනුභව කිරීමට පටන් ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අල්-ෂිෆා රෝහලට විදුලි සැපයුම විසන්ධි වීම හේතුවෙන් නොමේරූ ළදරුවන්ගේ ඉරණම පිළිබඳව ද කනස්සල්ලක් පවතින බවයි රෝහල් බලධාරීන් සඳහන් කර සිටියේ.

මේ වනවිටත් එම ළදරුවන්ගෙන් හත් දෙනෙකු ඔක්සිජන් නොමැතිකම නිසා මියගොස් ඇති බවට වාර්තා වනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන මාර්ක් රෙජිව් පැවසුවේ, ඊශ්‍රායලය ළදරුවන් ඉවත් කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන බවත් හමාස් සංවිධානය එම යෝජනා භාර නොගන්නා බවයි.

මේ අතර ගාසා තීරයේ විශාලතම රෝහලවන අල්-ෂිෆා රෝහලට අභ්‍යන්තර පොළොව තුළ හමාස් උමං මාර්ග සහ පාලන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බවට පවසමින් ඊශ්‍රායල හමුදා එම රෝහල අවට තව දුරටත් රැකවල්ලාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.