30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමීළඟ සංශෝධනයේදී විදුලි බිලෙන් ජනතාවට සහනයක්

මීළඟ සංශෝධනයේදී විදුලි බිලෙන් ජනතාවට සහනයක්

මීළඟ විදුලි බිල සංශෝධනයේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකිවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ දිනවල ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබීම මීට හේතුවයි.

මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යෑමට හැකි වුවහොත් මෙම සහනය ලබාදිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට ජාතික විදුලි නිෂ්පාදනයෙන් සියයට 52ක් ජලයෙන් නිපදවන බවත් විදුලි බලාගාර ආශ්‍රිතව හොඳ වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවත්ය.