― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගව සොරකමේ ගිය නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට

ගව සොරකමේ ගිය නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට

මුන්දලම පොලිසිය විසින් ගව සොරකමේ යෙදුණු බවට සැකපිට නාවික හමුදා සෙබළෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම, බත්තුළුඔය,මරියවිලා වත්ත ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොහු යාපනය – කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බවයි වාර්තා වන්නේ.

‘සහරා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලැබී තිබූ පැමිණිළි කීපයක් සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.