― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබේරුවල වරායෙන් මුහුදු ගිය ධීවරයෙක් දියට වැටී අතුරුදන්

බේරුවල වරායෙන් මුහුදු ගිය ධීවරයෙක් දියට වැටී අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක සිටි පුද්ගලයෙක් ධීවර යාත්‍රාවෙන් මුහුදට ඇද වැටී අතුරුදහන්ව තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් ධීවර යාත්‍රාවේ නියමුවා විසින් යාත්‍රාවේ හිමිකරු වෙත දැනුම් දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (13) උදෑසන නුවන් පුතා 03 ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය මොහොමඩ් හුසේන් මොහොමඩ් නමැති පුද්ගලයා මෙලෙස මුහුදට වැටී අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අතුරුදන්ව ඇති පුද්ගලයා බේරුවල – සමඩ් මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදහන් පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ යාත්‍රාවේ හිමිකරු බේරුවල නාවික හමුදා මධ්‍යස්ථානය සහ බේරුවල පොලිසිය දැනුවත් කිරීමට කටයුතුකර තිබෙනවා.