― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News14 පෙම්වතිය සමඟ පෙම්සුව විඳි 30 පෙම්වතා අත්අඩංගුවට

14 පෙම්වතිය සමඟ පෙම්සුව විඳි 30 පෙම්වතා අත්අඩංගුවට

සිය පෙම්වතිය බව කියන 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසල් කාලය තුළ පිටතට රැගෙන ගිය තරුණයෙක් අලුත්ගම පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දර්ගා නගරය, මිහිරිපැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මෙම පාසල් සිසුවිය අලුත්ගම, දර්ගා නගරයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන අතර ඇයගේ දෙමාපියන් පාසල නිමවීමෙන් පසු ඇය කැඳවාගෙන යාමට පාසල අසළට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී සිය දියණිය පාසල නිම වී ගේට්ටුවෙන් පිටතට නොපැමිණීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සොයාබලා ඇති ඔවුන් අනතුරුව ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරව දෙමව්පියන් පාසල අසලින් පිටව ගොස් සුළු වේලාවකින් පසු සිසුවිය තරුණයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණ පාසල අසල බැස තිබෙනවා.

පසුව තම දියණිය යතුරුපැදියක නංවාගෙන පාසල අසළට ගෙනත් ඇරලූ තරුණයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් දෙමව්පියන් ඔහු පිළිබඳව පොලිසියට දැනුම්දීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම දැනුම්දීමට අනුවයි සැකකාර තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පොලිසියට පවසා ඇත්තේ අදාළ බාලවයස්කාර සිසුවිය සමඟ වසර කිහිපයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන බවයි.

සැකකාර තරුණයා දර්ගා නගරයේ පදිංචි සිය ඥාතිවරයෙකුට අයත් අලුත්ගම නගරයේ වෙළඳසැලක සේවය කරන්නෙකු බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර තරුණයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

බාලවයස්කාර සිසුවිය රජයේ රෝහලකට ඇතුළත් කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.