31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි බිලත් අලුත් වෙයි

විදුලි බිලත් අලුත් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත් ලබාදීමේ E බිල්පත් සේවාවක් හඳුන්වා දී තිබේ.

විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ E බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසයි.

ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීමට හැකියාවක් පවතී.

විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කෙටි පණිවුඩයක් (SMS) 1987 යන අංකයට යොමු කිරීමෙන් ද E බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවයි.