28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහිත් ශර්මාගෙන් වාර්තාවක්

රෝහිත් ශර්මාගෙන් වාර්තාවක්

නවසීලන්තයට එරෙහිව මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා වාර්තාවක් තබා තිබෙනවා.

ඒ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ හයේ පහර 50ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්වෙමින්.

හයේ පහර 49 ක් ලබාගෙන මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ක්‍රිස් ගේල් වන අතර අද ඔහුගේ වාර්තාව බිඳ හෙළීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සමත් වුණා.