― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsචීන ජනපති හා ඇමරිකානු ජනපති අතර හමුවක්

චීන ජනපති හා ඇමරිකානු ජනපති අතර හමුවක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැලි‍ෆෝනියාවේදී ඔවුන්ගේ හමුව සිදුව ඇති බවයි.

එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වී තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා එම හමුවේදී පවසා ඇත්තේ දෙරට අතර තරඟයක් ඇතත් එය ගැටුමක් දක්වා වර්ධනය නොවන බවට සහතික විය යුතු බවයි.

සුපිරි බලවතුන් ලෙස වගකීමෙන් සහ වගවීමේන් දෙරට අතර සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද මෙම හමුවේදී අමෙරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අමෙරිකා – චීන සබඳතාව, ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බවයි.

මොවුන් දෙදෙනාගේ මෙම හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි.