26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsOnmax DT ලොක්කන් ඇප මත නිදහස්

Onmax DT ලොක්කන් ඇප මත නිදහස්

නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔන්මැක්ස් ඩීටී සමාගමේ අධ්‍යක්ෂවරු පස්දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදාහැරීමට නියෝග කළ බවයි.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ චූදිතයින් හට සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.