― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෝටි 11ක රත්තරන් ජෙල් කරල් කටුනායකදී අල්ලයි

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් (Capsules) 16ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරක් මතයි ගුවන් යානයක් තුළට ගොස් අද අලුයම මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු අද අලුයම 01.40ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ලැබුණු තොරතුරට අනුව ඔහු පැමිණි ගුවන් යානය වෙත පිවිසි කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගමන් මල්ල තුළ කිලෝ 06යි ග්‍රෑම් 423යි මිලි ග්‍රෑම් 9ක් බරැති රත්තරන් ජෙල් තොගය කරල් 16ක් ලෙස සකස් කර සඟවා තිබියදී සොයා ගැනුණා.

මේ වනවිට මෙම රත්තරන් ජෙල් තොගය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර සැකකරුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමටද ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම වාර්තා ලැබෙන තෙක් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.