― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට

ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට

ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට (18) සහ අනිද්දා (19) දිනයන්වලදී දැක ගැනීමට හැකියාවක් පවතිනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසන්නේ මෙම උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොඳින් දැක ගත හැකි බවයි.

මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර දැකිය හැකි අතර මෙම දින දෙක තුළදී පාන්දර 2.00න් පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාතය දැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.