29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඊයේ (19) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ අවසන් මහා තරගයේ දී මෙවර ලෝක කුසලානයේ සත්කාරකයින් වූ ඉන්දීය කණ්ඩායම කඩුලු 06 කින් පරාජය කරමින්.

මෙවර ලෝක ශූරන් වෙනුවෙන් පිළිගන්වන කුසලාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් වෙත පිළිගන්වනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී සාදය, අවසන් මහා තරගය පැවති අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණේ.

ලෝක ශූරයින්ගේ ජයග්‍රාහී සාදය ඊයේ (19) මැදියම් රාත්‍රියවන තෙක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.