― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමගේ අනුමැතිය නැතිව කාරක සභා රැස්වීම්වලට වෙන අය කැඳවන්න බැහැ

මගේ අනුමැතිය නැතිව කාරක සභා රැස්වීම්වලට වෙන අය කැඳවන්න බැහැ

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගී වීම සහ කාරක සභාවල වැඩ කටයුතු සිදු කළ යුතු ආකාරය පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගී වීම සහ කාරක සභා වැඩ කටයුතු සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලි‍මේන්තුවට විශේෂ නිවේදනයක් අද දිනයේ දී නිකුත් කරනු ලැබුවා.

ඒ පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය කතානායකගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමෙන් පසුවයි.

පාර්ලි‍මේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විවිධ කාරක සභා රැස්වීම් සඳහා සාමාජික මන්ත්‍රීවරයන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රී නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාරක සභාවේ වැඩ කටයුතු සඳහා කැඳවීම් කරන ලද වෙනත් බාහිර ආයතනවල නිලධාරීන්ට ද එකී කාරක සභාවේ කටයුතු ඉටු කරනු ලබන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ට ද පමණක් එම කාරක සභා රැස්වීම්වලට සහභාගී විය හැකි බවත්, වෙනත් කිසිදු හෝ බාහිර පුද්ගලයෙකුට එම කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවල දී කාරක සභා කාමර තුළට පැමිණීමට කිසිදු හෝ අවසරයක් නොමැති බවත් කතානායකවරයා අවධාරණය කළා.

මීට අමතරව, කාරක සභා සභාපතිවරයන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේ ප්‍රවණතාවන් පිළිබඳ ව තමා වෙත විවිධ අවස්ථාවල දී කරුණු වාර්තා වී තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව, බැඳී සිටින බව ද කතානායකවර‍යා මතක් කර සිටියා.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට අමතර ව කාරක සභා සභාපතිවරයන් විසින් කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේ දී සම්බන්ධීකරණය සහ උපදේශක කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයකුගේ සේවය ස්වේච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීම‍ට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කතානායකවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බවයි කතානායක නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කාරක සභාවක වැඩ කටයුතු කරගෙන යාමේ දී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේ දී ඔවුන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීමටත්, පාර්ලිමේන්තුවේ ගෞරවයට, අභිමානයට හානියක් නොවන ආකාරයෙන් සමබර ව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත්, ලිපි ගනුදෙනු කිරීමේ දී අදාළ කාරක සභා නාමය සහිත නිල ලිපි ශීර්ෂ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිතා කිරීමටත්, එම කාරක සභා නිල ලිපි ශීර්ෂ කිසිම අවස්ථාවක දී පෞද්ගලික හෝ දේශපාලනික කාර්යයන් වෙනුවෙන් භාවිතා කිරීම නොකළ යුතු බවටත්, එලෙසම, කාරක සභා වැඩ කටයුතු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී ද මෙතෙක් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදයන්ට අනුකූලව පමණක් කටයුතු කිරීමටත්, සියලුම කාරක සභා සභාපතිවරයන් විසින් වගබලා ගතයුතු බවට‍යි කතානායක මහින්ද යාපා නිකුත් කළ විශේෂ නිවේදනයේ දැක්වෙන්නේ.