― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅයවැයේ ප්‍රායෝගික නැති කාරණා ගොඩක් තියෙනවා

අයවැයේ ප්‍රායෝගික නැති කාරණා ගොඩක් තියෙනවා

අයවැය ලේඛනයේ ප්‍රායෝගික නැති කාරණා බොහොමයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය අයවැයේ ඉදිරි පියවරක් මේ අයවැයේ තිබෙනවා නම් ප්‍රශ්නයක් නොමැති බවත් පහුගිය අයවැයේ ඉටු නොවූ දේවල් නැවත ඉදිරිපත් කරනවා නම් ඒ ගැන ගැටළුවක් තිබෙන බවත්ය.

බදු වැඩි කිරීම, දේශීය ණය ලබා ගැනීම සහ දේශීය ආයතන විකිණීමෙන් එහාට ගිය ගමේ රැකියා ගම උත්පාදනය වැනි දේවල් අයවැයේ තිබෙනවා ද?නැද්ද? යන ගැටලුව තමාට ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.