― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රමෝද්‍ය අද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට

ප්‍රමෝද්‍ය අද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (21) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.

සභාපතිවරයා විසින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි ඔහුට මෙම කැඳවීම සිදුකර ඇත්තේ.

ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හානි සිදුව ඇති බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම නිවේදනයෙන් පෙන්වා දී තිබුණා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රමෝද්‍ය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව තරග පාවා දීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධ කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ බවයි.

ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දීමට කටයුතු කර තිබුණා.