― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහම්බන්තොට වරාය හා වරාය නගරය ආයෝජන සඳහා සූදානම්

හම්බන්තොට වරාය හා වරාය නගරය ආයෝජන සඳහා සූදානම්

මේ වනවිට හම්බන්තොට වරාය සහ වරාය නගරය ආයෝජන සඳහා සූදානම්ව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී Shen Yiqin මහත්මිය ඇතුළු දූත පිරිස සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චීන ජනාධිපතිවරයාට සහ රජයට ස්තූතිය පළ කර තිබෙනවා.

එමෙන්ම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව එහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එක් තීරයක් – එක් මාවතක් (Belt & Road) වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රි ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඉන්දියන් සාගරය නාවික කටයුතු සම්බන්ධයෙන් නිදහස් කලාපයක් ලෙස මෙන්ම ලෝක භූ දේශපාලන එදිරිවාදිකම්වලින් මිදී පවතින සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.

මෙම හමුවේදී අදහස් දක්වමින් චීන විශේෂ නියෝජිතවරිය, චීන – මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දී තිබෙනවා.

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට එළැඹ තිබෙනවා.

චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව මෙහිදී යළි තහවුරු කළ Shen Yiqin මහත්මිය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ අවධාරණය ක‍ර තිබෙනවා.