විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසිනුයි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
කොළඹ නගර සභාව සතුව පැවති විහාරමහාදේවී උද්‍යානය 2011 සැප්තැම්බර් මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනු ලැබූ අතර සංවර්ධන කටයුතු සදහා පවරා ගනු ලැබූ අදාළ උද්‍යානය එම කටයුතුවලින් අනතුරුව යළි කොළඹ මහ නගර සභාවට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.