― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම තවදුරටත්

ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම තවදුරටත්

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ද මෙහි දී තීරණය කෙරුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වනවිට පවතින පරිපාලනමය ගැටළු හේතුවෙන්.