27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ 5000 නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ 5000 නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) සවස බියගම වඩුවේගම ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙක් පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහිදී ඔහු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 63ක් සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

27 හැවිරිදි සැකකරු පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම මුදල් ව්‍යාජ ලෙසට මුද්‍රණය කර වෙළඳසැල් දෙකක් වෙත ලබාදී වලංගු මුදල් ලබා ගන්නා බවටයි.

අදාළ වෙළඳසැල්වලින් ද රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 2ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් ව්‍යාජ මුදල් භාවිත කර උපයා ගත් වලංගු මුදල් රුපියල් 7700ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර බියගම පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.