― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදැරියකට හදි කළ අයෙක්ට වසර 45ක සිර දඬුවමක්

දැරියකට හදි කළ අයෙක්ට වසර 45ක සිර දඬුවමක්

17 හැවිරිදි සිසුවියකට අතවර කළ පුද්ගලයෙකුට අධිකරණය විසින් වසර 45ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඔත්පලව සිටි පියා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ හෙයින් පාසල් යන අතරතුරදීම තමා රාජගිරිය ප්‍රදේශයේ නිවසක මෙහෙකාරකමට ගිය බවත් ඒ අවස්ථාවේදී නිවසේ හිමිකරු තමන් කිහිපවරකදීම දූෂණය කළ බව‍ත් දැරිය අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

මේ සම්බන්ධව පැවති දීර්ඝ නඩු විභාගයකට සාක්ෂි දෙමින් ඇය පවසා ඇත්තේ පියා ඔත්පලව නිවසේ එක්තැන්ව සිටින බවත් පවුල නඩත්තු කරමින් සිටින මව හිටිහැටියේ මියයෑමෙන් තමන් අන්ත අසරණ තත්ත්වයට පත් වූ බවත්ය.

එමෙන්ම මේ පිළිබඳව කිසිවෙකුට හෝ ප්‍රකාශ කළහොත් හමුදාවේ මිතුරන් ලවා තමා පැහැරගෙන යන බවට විත්තිකරු තමාට තර්ජනය කළ බවයි ඇය අධිකරණය හමුවේ සඳහන් කොට තිබෙනවා.

2003 අප්‍රේල් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී මෙම සිසුවිය දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.

තමා දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇති බව තීරණය කළ විනිසුරුවරයා සියලු චෝදනාවන්ට විත්තිකරු වරදකරු ලෙස නම් කරනු ලැබුවා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලමින් අවසන විත්තිකරුට වසර 45ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළ අතර දැරියට ලක්ෂ 05ක වන්දියක් ගෙවීමට අධිකරණය විසින් ඊයේ (21) නියෝග කරනු ලැබුවා.

මේ වනවිට මෙම පුද්ගලයා පදිංචිව සිටි නිවසින් පලා ගොස් සැඟවී සිටින අතර ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස සහ රටින් පිටවන ලෙස වළක්වමින් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.