28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් චිත්‍රපට ගැන රජය ගත් අලුත්ම තීරණය

විදෙස් චිත්‍රපට ගැන රජය ගත් අලුත්ම තීරණය

විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

මීට පෙර මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත්‍රයක් භාරදීමේ දී රුපියල් 40,000ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබූ අතර නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර තිබෙනවා.