අද වනවිට මිනිස්සුන්ට අරගල තිත්ත වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ රටේ මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගැනීමට, හුස්ම ගැනීමට කැමති බවයි.
ජනතා විමුක්ති පෙරමුණට උද්ඝෝෂණය කිරීමේ අයිතිය දිය යුතු බවත් ආණ්ඩුව වැරදි කරනවා නම් එයට විරුද්ධ විය යුතු බවත් නමුත් හමුදාවේ චිත්ත ධෛර්යය වැට්ටවීම සඳහා කටයුතු නොකළ යුතු බවත් පැවසීය.