― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහජන ආරක්ෂාව ගැන බරපතළ ගැටලුවක් තියෙනවා

මහජන ආරක්ෂාව ගැන බරපතළ ගැටලුවක් තියෙනවා

2022 සහ 2023 වසර දෙක තුළ යුද හමුදාවේ 27,000ක් සේවය අතහැර ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේදීය.

මෙලෙස සේවය හැරයාමට කුමන හෝ ගැටලුවක් තිබෙන බවත්, එම ගැටළුව වහා ආමන්ත්‍රණය කළ යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම මෙරට තුළ යුද්ධය පැවැති කාලසීමාවේදීවත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

දේශපාලඥයන් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් තමයි පොලිසිය. යුද හමුදාවේ දෙවැනියා දින හතළිහක් නැහැ. යුද හමුදා ඉතිහාසයේ පළමු වතාවට සිද්ධ වෙච්ච දෙයක්. එහේම ප්‍රමාදයක් ඇති වුණේ ඇයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හමුදාව ඇතුළේ ගැටලුවක් මතුවෙලා තියෙනවා.

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තියෙනවා. අවිශ්වාසයක් මතුවෙලා. රටේ මාසයකට මනුෂ්‍ය ඝාතන 50ක් සිද්ධ වෙනවා. පැය දාහතරකට එක ඝාතනයක්. සමහර මාස වල ඝාතන හැට ගණන් සිද්ධවෙලා.”