27 C
Colombo
Wednesday, April 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජේ. ශ්‍රී රංගාට ඇප

ජේ. ශ්‍රී රංගාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට වවුනියාව මහාධිකරණය අද (24) ඇප නියම කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය මාර්තු මාසයේදී වවුනියාව මහාධිකරණය පොලිස් විමර්ශන ඒකකයට නියෝග කළා.

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළ නඩුවක සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජේ. ශ්‍රී රංගා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වවුනියාව මහාධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු මාස 8ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම නඩුව අද යළි වවුනියාව මහාධිකරණයේදී කැඳවනු ලැබූ අතර මහාධිකරණ විනිසුරුවරයා විසින් ඔහුට ඇප නියම කරන ලදී.